කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සහ කුඩා ව්‍යාපාර කළමනාකරණය උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අවසන් විභාගයේදී ආචාර්යවරියක විසින් ලකුණු ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර තමන් අපහසුතාවයට පත් කළ බවට සිසුන් පිරිසක් එහි පීඨාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
ඔවුන් චෝදනා කරන්නේ ආචාර්යවරියගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවටයි.
එම ආචාර්යවරිය අදාළ විෂය සඳහා ලබාදුන් මාර්ගෝපදේශවල සඳහන් ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කර ඇති අතර සිද්ධියෙන් අගතියට පත් වූ සිසුන් පීඨාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.