/ Aug 15, 2026

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි.ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ!

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන අතර ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමටද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවයි.

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු එරට ජාතික භූ විද්‍යා ඒජන්සියජනතාවගෙන් ඉල්ලා ඇත්තේ වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙසයි.

එම භූ කම්පනයේ බලපෑමෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පන තත්ත්වයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බවයි.

ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top