සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය කර තිබේ.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසන්නේ අධිවේගයේ ගමන් ගන්නා වාහන වල රියදුරන් මෙන්ම සියලුම මගීන් ආසන පටි පැළඳිය යුතු බවයි.
ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින අතර ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.
රථ වාහන අනතුරුවලදී සිදුවන ජීවිත හානි වලින් වැඩි ප්‍රමාණයක් ආසන පටි නොපැලදීම නිසා සිදුව ඇත හි බවට රිය අනතුරු මරණ විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ.
ඒ අනුව ආසන පටි සවිකර ගැනීම සඳහා ලබා දුන කාලය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව මෙම නීතිය බලාත්මක කර තිබේ.






