පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්රකාශයට පත් කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් පනවන ලද කොන්දේසිවලට යටත්ව පෝෂක ගාස්තු හෙට (25) දින සිට බලාත්මකයි.
විදුලි ජනනයේ ස්වභාවය මත කාණ්ඩ 3ක් යටතේ නව පෝෂක අයක්රමය ප්රකාශයට පත් කර ඇති අතර එම කාණ්ඩ වනුයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝශක අය ක්රමය, විදුලි පාරිභොගිකයින් සඳහා පෝෂක අය ක්රමය, බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක ගාස්තු ක්රමය වේ.






