/ Aug 26, 2026

ජාතික මිලාද් – උන් නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ සුභපැතුම් පණිවුඩය!

​නබි නායකතුමාණන්ගේ ජන්ම දිනය සමරන මෙම ශුද්ධ වූ මොහොතේ, ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහිවේවායි මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරන අතර ලොව පුරා යුද්ධයේ කෲරත්වයෙන් සහ පීඩාවෙන් බැටකන, අවතැන් වූ සහ වේදනාවට පත් වූ සියලුම ජනතාවට සාමය උදාවේවා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාව විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික මිලාද් – උන් නබි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට මෙන්ම අප රටට ගත හැකි සුවිශේෂීම ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදු ජන සුභසිද්ධිය උදෙසා කැපවීම බවද ඇය අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top