/ Aug 31, 2026

පෙට්‍රල් මිල පමණක් සංශෝධනය වෙයි!

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පමණක් පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399කි.

එමෙන්ම රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් වේ.

කෙසේ නමුත් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top