හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) දිනයේදී එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණි.





