රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබේ.
එමෙන්ම ඔහු රඳවා ඇති වාට්ටුවට ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කරන අතර සැකකාර මන්ත්‍රීවරයා හමුවීම සඳහා දිනකට තිදෙනකුට පමණක් අවසර ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත ආතර අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.






