/ Sep 07, 2026

ගාල්ල, මහනුවර සහ යාපනයට යන මෙට්‍රෝ බස්!

මෙට්‍රො බස් සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලටද හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ, අද (07) කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාසය තුළ මෙට්‍රො බස් සේවාවේ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගයේදී මෙට්‍රො බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියාසිටින්නේ.

මෙට්‍රො ආයතනය සමග ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදීමට කටයුතු කරන අතර මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙට්‍රො බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම ඒකාබද්ධව සිදු කිරීමට නියමිතයි.

එම වැඩපිළිවෙළ යටතේ ඉදිකළ කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top