/ Sep 07, 2026

යෝෂිතගේ අභියාචන පෙත්සමක් ඉල්ලා අස්කරගනී!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනය අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් ඉදිරියේදී යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් එහිදී මෙම කරුණ මතු කිරීමේ අයිතිය රඳවා ගනිමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top