සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (08) සිට එළඹෙන 11 වන දින දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද පෙරවරු 09.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව වූ අතර අද දිනයේ දී මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
අනතුරුව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
හෙට (09) දිනයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
සැප්තැම්බර් 10 වනදා බ්‍රහස්පතින්දා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
ලබන සිකුරාදා දිනයේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට අවසර ලබාදී තිබේ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් සිදුකළ දැනුම්දීමක් මත නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී කරවීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ප්‍රකාශ කළේය.






