වතු ආශ්රිත ප්‍රජාව සඳහා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් සමග නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඒ අද (09) පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
දැනට ක්‍රියාත්මක නිවාස වැඩසටහන යටතේ මෙතෙක් අඩක් නිම කර ඇති නිවාස ඒකක 962ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇති බවත්, ඉන් නිවාස 629ක් ප්‍රතිලාභීන් වෙත භාර දී ඇති අතර, තවත් නිවාස 333ක් ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කළ ප්‍රකාශය පහතින්,
“ආපදා නිවාස ව්‍යාපෘති, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ වතු නිවාස ව්‍යාපෘති රජය විසින් ලබා දෙන ලද ඉඩම් මත ක්‍රියාත්මක වෙනවා. ආපදා නිවාස ව්‍යාපෘති යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නිවාස ඒකක 392ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
නිවාස ඒකක 118ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතයි.
ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක 10,000 නිවාස වැඩසටහනේ සිව්වන අදියර යටතේ, නිවාස ඒකක 1,300කින් නිවාස ඒකක 522ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතයි.”
වතු ආශ්රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමග නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක ඉන්දීය ප්‍රදාන නිවාස වැඩසටහන යටතේ, නිවසක් ලබාගැනීම සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති ප්‍රතිලාභීන් 2,184 දෙනෙකු වෙනුවෙන් වතු 129ක නිවාස ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බවයි ප්‍රකාශ කළේ.
වතුකරය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය (NEVIDA) සඳහා සෘජුව වෙන් කළ ප්‍රතිපාදන නොමැති බවත්, එම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කෙරෙන ප්‍රතිපාදන හරහා ලබා දෙන බවද මෙහිදී අවධාරණය කළා.
ඒ අනුව, 2025 සහ 2026 වර්ෂ සඳහා මෙම අධිකාරියේ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිවෙළින් රුපියල් මිලියන 42.5ක් සහ රුපියල් මිලියන 85ක් වනවා.”
ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක 10,000 නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 1,300කින් නිවාස ඒකක 522ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිත බවත් මීට අමතරව, තවත් නිවාස ඒකක 2,529ක් ඉදිකිරීම සඳහා මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.






