පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළේය.
පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්රකාරව දඬුවම් නියම කිරීම ප්රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර විත්තිකරුවන්ගේ සියලු දේපල ද රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.
පාස්කු ප්රහාරයෙන් වසර 7කට පසු මෙම නඩු තීන්දුව ලැබුණු අතර දීර්ඝ නඩු විභ්ග්යකින් පසුව මෙම තීන්දුව අද ප්රකාශයට පත්විය.
විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව මෙම නඩුව නිතිපතිවායා විසින් ගොණු කර තිබුණු අතර නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවෙක් මරණයට පත්ව තිබුණි.
චුදිතයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණු කර තිබුණි.





