රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම වෙනුවෙන් නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
මෙම ක්‍රමවේදය හෙට (24) සිට ක්‍රියාත්මක වන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පවසයි.
මෙම නව ක්‍රමය ඔස්සේ ඕනෑම දුරකථන ජාලයක් හරහා වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවන් වෙන් කරවා ගැනීමට පුද්ගලයින්ට හැකියාව ලැබෙන අතර එම දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව සභාපතිවරයා සඳහන් කරයි.
මෙම ක්‍රමය හරහා ලබා ගත හැකි වේලාවන් (Appointment Slots) සංඛ්‍යාව වැඩි කිරීමට අනාගතයේදී පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියි.





