එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු නමුත් ඊට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව අදාළ කරුණු ලබන 30 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.






