/ Mar 15, 2025

කෙහෙළියලාට කෝටි සිය ගාණක් වන්දි: අරගලයේදී වෙඩි කා මැරුණු චමින්දගේ නිවසට අස්වැසුමවත් නෑ!

2022 වසරේ පැන නැගුණු ජන අරගලයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් එවකට මැති-ඇමැතිකම් දැරූ පිරිස වෙත රුපියල් කෝටි 123කට ආසන්න වන්දි ලබා දී තිබුණු බව පසුගිය දා අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරනු ලැබුවේය.

ඉන් සමහර දෙනෙක් රුපියල් කෝටි 10කට ආසන්න වන්දි මුදල් ලබාගෙන තිබූ අතර, රජයෙන් වන්දි මුදලක් ලෙස ලබා ගත හැකි උපරිමය රුපියල් ලක්ෂ 25ක් බවයි, තතු දත් ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අතර වාර්තා වන්නේ, ඉන්ධන හිඟය නිසාවෙන් 2022 අරගල සමයේ උද්ඝෝෂණයකට එක් වී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ පවුලේ පිරිසට රජයෙන් ලබා දෙන “අස්වැසුම” සහනය පවා ලබා දී නැති බවයි.

මිය යන විට පින්නවල අලි අනාථාගාරයේ අලින් අතුකැපීමෙන් පවුල පෝෂණය කළ චමින්දගේ පවුල අද අනාථව අසරණව ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැකියාද කරමින් ඉතා සුවපහසු ලෙස තවමත් කල් ගෙවති.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් පහත සබැඳියෙන්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top