රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.
එහිදී මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි සඳහන්.
එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳව ලබාදෙන වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කරන්නේ.
ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව සඳහන්.