/ Sep 28, 2026

සෞදි – හුති ගැටුම හෙවත් දුබලයන්ගේ ප්‍රහාරය

පසුගියදා අරාබි අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් ගෝලීය භූදේශපාලනයේම දැවැන්ත පෙරළියක් සිදු විය. බටහිර බලවතුන්ගේ සහ ඇමෙරිකාවේ ඍජු සහය ලබන, මිලිටරි සහ ආර්ථික අතින් අතිශය ශක්තිමත් සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහිව, අරාබි කලාපයේ ඉන්නා දුප්පත්ම සහ දුබලතම රාජ්‍යය වන යේමනය ලෝකයම මවිත කළ ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය.

මෙම සටනේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ සම්ප්‍රදායික ශෛලියට ඇඳුම් ඇඳගත්, සරම් කොට සහ සෙරෙප්පු පැළඳි, හිසෙහි ජටාවක් බැඳගත් මිනිසුන් පිරිසක් කාන්තාරයේ දූවිලි අවුස්සමින් තමන්ගේ ජයග්‍රහණය සැමරීමයි. කරේ තබාගත් රොකට් ලෝන්චර් හැරුණු කොට ඔවුන් සතුව නවීනතම හෝ සංකීර්ණ අවි ආයුධ (Sophisticated Weapons) තිබුණේ නැත. ඔවුන්ගේ සටන ආවරණය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සිටියේද නැත. එහෙත්, ඔවුන් සතුව සියල්ලටම වඩා බලවත් වූ එකම එක දෙයක් තිබුණි. ඒ, “මේ භූමිය අපේය” යන තදබල හැඟීම සහ නොසැලෙන දේශප්‍රේමයයි.

අධිරාජ්‍ය විරෝධී ඓතිහාසික උරුමය සහ අන්සරුල්ලා ව්‍යාපාරය

යේමනයේ මෙම ප්‍රතිරෝධය අහම්බෙන් ගොඩනැගුණක් නොවේ. එහි වත්මන් නායකත්වය සපයනු ලබන්නේ දකුණු යේමනය පාලනය කරන සහ ජනතාව ඒකරාශී (Mobilize) කරන අන්සරුල්ලා (Ansarullah) සංවිධානයයි. යේමන වැසියන් යනු සියවස් ගණනාවක් තිස්සේ තමන්ව යටත් කරගැනීමට පැමිණි විවිධ ඓතිහාසික අධිරාජ්‍යයන්ට එරෙහිව සටන් වැදුණු ගෝත්‍රික ජනතාවකි.

ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමේදී:

  • ඕටෝමන් අධිරාජ්‍යය: වසර 500කට අධික ඓතිහාසික අතීතයක සිට ඔවුහු ඕටෝමන්වරුන්ට එරෙහිව සටන් කළහ.
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය: දකුණු යේමන කොටස වසර 130ක් පමණ පාලනය කළ බ්‍රිතාන්‍යයන්ව 1967 වසරේදී පන්නා දැමීමට ඔවුහු සමත් වූහ. ඉන්පසු 1990 දශකය දක්වා සමාජවාදයට නැඹුරු පාලන ක්‍රමයක් එහි පැවතුණි.
  • රූකඩ පාලනය: මේ අතරතුර යේමනයේ උතුරු කොටසේ පැවතුණේ සෞදි අරාබිය විසින් පාලනය කරනු ලැබූ රූකඩ ආණ්ඩුවකි.

නමුත් 2015 වසරේදී ඇතිවූ ‘අරාබි වසන්තය’ (Arab Spring) පෙරළියත් සමඟ යේමනයේ දේශපාලන ස්ථාවරත්වය වෙනස් විය. එහිදී සිදුවූයේ හුදෙක් පාලකයන්ගේ ඔළුගෙඩි මාරුවක් පමණක් වූ අතර, පද්ධතිමය වෙනසක් සිදු නොවීම හේතුවෙන් අන්සරුල්ලා ව්‍යාපාරය සහ එහි සටන්කාමී බලවේගය වන හුති (Houthi) සටන්කරුවන් දකුණු යේමනයේ විශාල භූමි ප්‍රදේශයක බලය තහවුරු කරගනිමින් ශක්තිමත් වන්නට විය.

ඇමෙරිකානු බෝම්බ සහ වසර 25ක පීඩනය

යේමනය අද වන විට මෙවැනි යුද පිටියක් බවට පත්වීමේ ඉතිහාසය දිව යන්නේ 2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය දක්වාය. ත්‍රස්තවාදයට එරෙහි සටන (War on Terror) යන ලේබලය යටතේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට ලැබුණු අසීමිත බලය පාවිච්චි කරමින්, සෞදි අරාබියේ වුවමනාව මත සහ එකල සිටි යේමන ජනාධිපතිවරයාගේද අනුමැතිය ඇතිව ඇමෙරිකාව යේමනයට බෝම්බ දැමීම ආරම්භ කළේය.

එතැන් පටන් බුෂ්, ඔබාමා, ට්‍රම්ප් සහ බයිඩන් යන ඇමෙරිකානු ජනාධිපතිවරුන් සිව්දෙනෙකුගේම පාලන කාලයන් පුරාම මේ බෝම්බ වර්ෂාව අඛණ්ඩව ක්‍රියාත්මක විය. මෙහි සැබෑ වින්දිතයන් බවට පත්වූයේ වසර 25ක තිස්සේ බෝම්බ හඬ මැද ජීවත් වූ අහිංසක යේමන ජනතාවයි.

සෞදියේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ මුහුණුවර සහ යටි අරමුණු

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (MBS) ගල්ෆ් කලාපීය රටවල සහ බටහිර ලෝකයේ සෘජු සහය ඇතිව යේමනයට එරෙහි යුද්ධය දිගටම කරගෙන ගියේය. සෞදිය ප්‍රකාශ කළේ තමන් යේමනයට පැමිණෙන්නේ එහි ‘ප්‍රජාතන්ත්‍රවාදය’ බිහි කිරීමට බවයි. ව්‍යවස්ථාවක් පවා නැති, රජවරුන් විසින් පාලනය කරනු ලබන පරම රාජාණ්ඩුවක් (Monarchy) වන සෞදි අරාබිය, යේමනයට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්නට යාම එකල කැපී පෙනෙන උත්ප්‍රාසයක් විය.

සෞදියේ සැබෑ යටි අරමුණ වූයේ භූගෝලීය වශයෙන් සහ උපායමාර්ගික වශයෙන් යේමනය සතු වැදගත්කම, එරට සතු තෙල් ප්‍රවාහන මාවත් සහ මෙතෙක් අත නොතබා ඇති ගෑස් ඇතුළු ස්වභාවික සම්පත්වල පාලනය තමන් සතු කරගැනීම සඳහා තමන්ට අවශ්‍ය රූකඩ ආණ්ඩුවක් යේමනය තුළ පවත්වාගෙන යාමයි.

ගෝලීය ආර්ථිකය සලිත කළ ‘බැබ්-එල්-මැන්ඩෙබ්’ සහ රතු මුහුදේ ප්‍රහාරයපසුගියදා අරාබි අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් ගෝලීය භූදේශපාලනයේම දැවැන්ත පෙරළියක් සිදු විය. බටහිර බලවතුන්ගේ සහ ඇමෙරිකාවේ සෘජු සහය ලබන, මිලිටරි සහ ආර්ථික අතින් අතිශය ශක්තිමත් සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහිව, අරාබි කලාපයේ ඉන්නා දුප්පත්ම සහ දුබලතම රාජ්‍යය වන යේමනය ලෝකයම මවිත කළ ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය.

මෙම සටනේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ සම්ප්‍රදායික ශෛලියට ඇඳුම් ඇඳගත්, සරම් කොට සහ සෙරෙප්පු පැළඳි, හිසෙහි ජාවක් බැඳගත් මිනිසුන් පිරිසක් කාන්තාරයේ දූවිලි අවුස්සමින් තමන්ගේ ජයග්‍රහණය සැමරීමයි. කරේ තබාගත් රොකට් ලෝන්චර් හැරුණු කොට ඔවුන් සතුව නවීනතම හෝ සංකීර්ණ අවි ආයුධ (Sophisticated Weapons) තිබුණේ නැත. ඔවුන්ගේ සටන ආවරණය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සිටියේද නැත. එහෙත්, ඔවුන් සතුව සියල්ලටම වඩා බලවත් වූ එකම එක දෙයක් තිබුණි. ඒ, “මේ භූමිය අපේය” යන තදබල හැඟීම සහ නොසැලෙන දේශප්‍රේමයයි.

අධිරාජ්‍ය විරෝධී ඓතිහාසික උරුමය සහ අන්සරුල්ලා ව්‍යාපාරය

යේමනයේ මෙම ප්‍රතිරෝධය අහම්බෙන් ගොඩනැඟුණක් නොවේ. එහි වත්මන් නායකත්වය සපයනු ලබන්නේ දකුණු යේමනය පාලනය කරන සහ ජනතාව ඒකරාශී (Mobilize) කරන අන්සරුල්ලා (Ansarullah) සංවිධානයයි. යේමන වැසියන් යනු සියවස් ගණනාවක් තිස්සේ තමන්ව යටත් කරගැනීමට පැමිණි විවිධ ඓතිහාසික අධිරාජ්‍යයන්ට එරෙහිව සටන් වැදුණු ගෝත්‍රික ජනතාවකි.

ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමේදී:

  • ඕටෝමන් අධිරාජ්‍යය: වසර 500කට අධික ඓතිහාසික අතීතයක සිට ඔවුහු ඕටෝමන්වරුන්ට එරෙහිව සටන් කළහ.
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය: දකුණු යේමන කොටස වසර 130ක් පමණ පාලනය කළ බ්‍රිතාන්‍යයන්ව 1967 වසරේදී පන්නා දැමීමට ඔවුහු සමත් වූහ. ඉන්පසු 1990 දශකය දක්වා සමාජවාදයට නැඹුරු පාලන ක්‍රමයක් එහි පැවතුණි.
  • රූකඩ පාලනය: මේ අතරතුර යේමනයේ උතුරු කොටසේ පැවතුණේ සෞදි අරාබිය විසින් පාලනය කරනු ලැබූ රූකඩ ආණ්ඩුවකි.

නමුත් 2015 වසරේදී ඇතිවූ ‘අරාබි වසන්තය’ (Arab Spring) පෙරළියත් සමඟ යේමනයේ දේශපාලන ස්ථාවරත්වය වෙනස් විය. එහිදී සිදුවූයේ හුදෙක් පාලකයන්ගේ ඔලුගෙඩි මාරුවක් පමණක් වූ අතර, පද්ධතිමය වෙනසක් සිදු නොවීම හේතුවෙන් අන්සරුල්ලා ව්‍යාපාරය සහ එහි සටන්කාමී බලවේගය වන හුති (Houthi) සටන්කරුවන් දකුණු යේමනයේ විශාල භූමි ප්‍රදේශයක බලය තහවුරු කරගනිමින් ශක්තිමත් වන්නට විය.

ඇමෙරිකානු බෝම්බ සහ වසර 25ක පීඩනය

යේමනය අද වන විට මෙවැනි යුද පිටියක් බවට පත්වීමේ ඉතිහාසය දිව යන්නේ 2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය දක්වාය. ත්‍රස්තවාදයට එරෙහි සටන (War on Terror) යන ලේබලය යටතේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට ලැබුණු අසීමිත බලය පාවිච්චි කරමින්, සෞදි අරාබියේ උවමනාව මත සහ එකල සිටි යේමන ජනාධිපතිවරයාගේද අනුමැතිය ඇතිව ඇමෙරිකාව යේමනයට බෝම්බ දැමීම ආරම්භ කළේය.

එතැන් පටන් බුෂ්, ඔබාමා, ට්‍රම්ප් සහ බයිඩන් යන ඇමෙරිකානු ජනාධිපතිවරුන් සිව්දෙනෙකුගේම පාලන කාලයන් පුරාම මේ බෝම්බ වර්ෂාව අඛණ්ඩව ක්‍රියාත්මක විය. මෙහි සැබෑ වින්දිතයන් බවට පත්වූයේ වසර 25ක තිස්සේ බෝම්බ හඬ මැද ජීවත් වූ අහිංසක යේමන ජනතාවයි.

සෞදියේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ මුහුණුවර සහ යටි අරමුණු

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (MBS) ගල්ෆ් කලාපීය රටවල සහ බටහිර ලෝකයේ සෘජු සහය ඇතිව යේමනයට එරෙහි යුද්ධය දිගටම කරගෙන ගියේය. සෞදිය ප්‍රකාශ කළේ තමන් යේමනයට පැමිණෙන්නේ එහි ‘ප්‍රජාතන්ත්‍රවාදය’ බිහි කිරීමට බවයි. ව්‍යවස්ථාවක් පවා නැති, රජවරුන් විසින් පාලනය කරනු ලබන පරම රාජාණ්ඩුවක් (Monarchy) වන සෞදි අරාබිය, යේමනයට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්නට යාම එකල කැපී පෙනෙන උත්ප්‍රාසයක් විය.

සෞදියේ සැබෑ යටි අරමුණ වූයේ භූගෝලීය වශයෙන් සහ උපායමාර්ගික වශයෙන් යේමනය සතු වැදගත්කම, එරට සතු තෙල් ප්‍රවාහන මාවත් සහ මෙතෙක් අත නොතබා ඇති ගෑස් ඇතුළු ස්වභාවික සම්පත්වල පාලනය තමන් සතු කරගැනීම සඳහා තමන්ට අවශ්‍ය රූකඩ ආණ්ඩුවක් යේමනය තුළ පවත්වාගෙන යාමයි.

ගෝලීය ආර්ථිකය සලිත කළ ‘බැබ්-එල්-මැන්ඩෙබ්’ සහ රතු මුහුදේ ප්‍රහාරය

භූගෝලීය වශයෙන් යේමනය පිහිටා ඇත්තේ පර්සියානු බොක්ක ආශ්‍රිත ගල්ෆ් කලාපයට යටින්, අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහිය. අන්සරුල්ලා පාලනය යටතේ පවතින දිගු වෙරළ තීරය සහ බැබ්-එල්-මැන්ඩෙබ් (Bab-el-Mandeb) සමුද්‍ර සන්ධිය වත්මන් භූදේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

පසුගියදා හුති සටන්කාමීන් විසින් රතු මුහුද හරහා දිවෙන සෞදි තෙල් නල මාර්ගයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මුළු ලෝකයම දුටුවේය. මෙම ප්‍රහාරයත් සමඟ සෞදි අරාබියේ තෙල් අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට ඔවුන්ට හැකි විය.

1980 දශකයේ පැවති ඉරාක-ඉරාන යුද්ධය සමයේ ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වැසී යාම නිසා සෞදිය සිය තෙල් අපනයනය සඳහා විකල්ප මාර්ගයක් ලෙස මෙම නල මාර්ග පද්ධතිය ගොඩනැඟීය. වර්තමානය වන විට හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සතු වන අතර, අනෙක් පසින් බැබ්-එල්-මැන්ඩෙබ් කලාපයේ බලය යේමනයේ හුතිවරුන් සතු වී ඇත.

මෙම නල මාර්ග හරහා සිදුවන තෙල් අපනයනය ගෝලීය සමස්ත සැපයුමෙන් 4%ක් වැනි විශාල ප්‍රමාණයක් ගන්නා බැවින්, මෙම මුහුදු මාර්ග දෙක අවහිර වීම සෞදියට හෝ ඇමෙරිකාවට පමණක් නොව මුළු මහත් ලෝක වෙළඳාමටම එල්ල වූ මාරක පහරකි. විශේෂයෙන්ම දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව ඇතුළු සමස්ත ආසියානු කලාපයටම අවශ්‍ය තෙල් සපයා ගන්නේ මෙම කලාපය හරහා බැවින්, දුබල රාජ්‍යයක් ලෙස සැලකූ යේමනය එල්ල කළ මෙම ප්‍රහාරය සමස්ත ආසියාවේම ආර්ථික ස්ථාවරත්වයට සෘජුවම බලපාන බරපතල ගෝලීය අර්බුදයක් නිර්මාණය කර තිබේ.

නවීන තාක්ෂණය හෝ ධන බලය හමුවේ වුවද, තමන්ගේ මව්භූමිය රැකගැනීමේ දැඩි වුවමනාව සහ හැඟීම ඇති මිනිසුන් පිරිසකට ලෝක බලවතුන්ගේ සිතියම් වෙනස් කළ හැකි බව යේමනයේ හුතිවරු ලෝකයටම ඔප්පු කර හමාරය.

මේ ගැන ජාත්‍යන්තර දේශපාලන ආර්ථික විශ්ලේෂක ජයන්ත වැලිවිට මහතා සිදු කළ විශේෂ වැඩසටහනේ සබැඳිය පහත පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top