/ Mar 15, 2025

අද සිට සියලු නීතීඥවරුන් පරීක්ෂාවට ලක් කරනවා : වැඩබලන පොලිස්පති

ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර සියලුම නීතීඥවරුන් පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පතිව ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අධිකරණ භූමිය තුළ වෙඩි තැබීමකින් පාතාල නායක ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්වූ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවද ඔහු එහිදී සඳහන් කළේය.

අද සිදුවූ වෙඩි තැබීමේදී සැකකරුවන් උසාවි පරිශ්‍රයේදී නීතීඥවරුන් පරීක්ෂාවට ලක් නොවීම ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර නීතිඥවරුන් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බව පැවසීය.

මේ සම්බන්ධයෙන් සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ද ඉල්ලා ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top