දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියන් ජාතික කාන්තාවක් පොඩි මැණිකේ දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇත.
අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදීයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.
බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර ඇය දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ඇය දුම්රිය මාර්ගය අද්දර පස්කණ්ඩියක ගැටී ඇදවැටී ඇති බවයි සඳහන් වන්නේ.