/ Oct 13, 2026

නාමල් යළි රිමාන්ඩ්!

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත මෙම නියෝගය ලබා දී ඇති අතර සැකකරුට එරෙහිව වහාම අධිවෝදනා ගොනු කර අධිකරණයට වර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

එහිදී අධිකරණ වෙත කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පැවසුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.

මෙම සිද්ධියට අදාල විමර්ශන අවසන් අතර විමර්ශන උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බවද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය වෙත දැනුම් දෙන ලදී.

ස්ථීර ත්‍රිපුගල මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී විනිසුරන් තිදෙනෙක් යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව මේ නඩුව මින් ඉදිරියට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස ඩිස්සොලුෂන් සමාගම නම් කරන බවද අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top