/ Oct 13, 2026

නායේ යෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව රත්නපුර, බදුල්ල, කොළඹ, හම්බන්තොට, මාතර, කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

අවදානයෙන් සිටින්න

රත්නපුර දිස්ත්‍රික්කය – කොලොන්න

විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල, පස්සර
කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක
හම්බන්තොට දිස්ත්‍රික්කය – කටුවාන, වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල, පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය – හතරලියද්ද, තුම්පනේ
කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, යටිනුවර, කෑගල්ල, අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල, රඹුක්කන, වරකාපොල
මාතලේ දිස්ත්‍රික්කය – අඹගමුව කොරළය, රත්තොට, මාතලේ
මාතර දිස්ත්‍රික්කය – මුලටියාන, අතුරලිය, පස්සර
නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරක්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැලියගොඩ, වැලිගපොල, රත්නපුර, ඉඹුල්පේ, කලවාන, අයගම, නිවිතිගල, කුරුවිට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top