/ Oct 14, 2026

මවගේ මෘතදේහය රඳවා තබාගෙන : ආසිරි රෝහලට විරුද්ධව පැමිණිල්ලක්!

සැකකටයුතු අන්දමින් කොළඹ ආසිරි සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේදී මියගිය බව කියන කාන්තාවක සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රේමලාල් අතුකෝරළ මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඊයේ (13) නියම කළේ ය.

දින දෙකකට පෙර ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මියගිය බව කියන තම මවගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම සඳහා තමන්ට බාර නොදී අදාළ පෞද්ගලික රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණිය විසින් මරදාන පොලිසියට කළ පැමිණීල්ලට අනුව කළ විමර්ශනයකින් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.

මිය ගිය කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් වහාම පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය ඇගේ දියණීයට බාර දෙන ලෙසද වැඩිදුරටත් නියෝග කරනු ලැබී ය.

මියගිය කාන්තාවගේ දියණීය මරදාන පොලිසියට කළ පැමිණීල්ල පිළිබඳ අධිකරණයට දැනුම් දුන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්‍රසන්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ සළකුණක් තැබු ස්ථානයක භූමිදානය කිරීමටද නියම කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top