/ Oct 20, 2026

නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය.

පසුගිය 16 වනදා රාත්‍රියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට ගොස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබූ අතර එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් කොමිසම භාරයට ගෙන තිබිණි.

එම සේප්පුවේ තිබී හමුවූ රුපියල් ලක්ෂ 18ක මුදලක මූලාශ්‍රය හෙළිකිරීමට අසමත් වීමේ චෝදනාවක් මත ඊයේ දිනයේදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top