/ Oct 21, 2026

මෛත්‍රීපාලට හූනියම් කළේ කවුද?

2017 ජුනි මාසයේදී මේ තඹ පත සොයාගැනු⁣ණේ කැබිතිගොල්ලෑව උස්ගල්ල සුසානභූමියෙනි.

එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති දුමින්ද දිසානායක හා ඔහුගේ සොයුරන් ඇතුළු පිරිසකගේ රූප සහ නම් එහි කොටා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතා ඇඳි නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ ඇඳුමට සමාන ඇඳුමකින් මෙහි රූපය කොටා තිබිණ.

බිත්තර, හඳුන්කූරු, රත්මල්, පොල්තෙල් පහන් සහිතව කර තිබූ පූජාවක සලකුණු සමඟය මේ තඹ පත සොයාගෙන තිබුණි.

එවක ජනපති සිරිසේන මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට එකළ පත්ව තිබුණේ මහින්ද රාජපක්ෂ කඳවුරයි.

මේ ගැන අදහස් දැක් වූ ⁣මෛත්‍රීපාල ජනාධිපතිවරයා පෙනෙන බලවේග ලවා තමා විනාශ කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් ගත් පිරිස් දැන් නොපෙනෙන බලවේග මගින් තමා විනාශ කිරීමට උත්සාහ ගනිමින් ඇතැයි පැවසීය.

නොපෙනෙන බලවේග වලට මෙන්ම හදි හූනියම් වලටද තමා බිය නැතැයි ඔහු එහි අවධාරණය කර තිබිණ.

ජනාධිපතිවරයා එසේ කීවද එවකට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී රවී පීරිස් මහතා සඳහන් කර තිබුණේ මෙම හූනියම් සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයකින් විමර්ශන කරන බවය.

සැකකරුවන් අත්අඩංගුවට ගතහොත් පොදු සුසාන භූමි පනත යටතේද අපහාස නීතියෙන් ද නඩු පවරන බවය.

මෙම විමර්ශන සඳහා පොලිසියට අමතරව බුද්ධි අංශ ද සහභාගී කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

පවන් ගුණවර්ධන

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top