/ Oct 22, 2026

පොලිස්පතිට එරෙහිව අපහාස නඩුවක්!

අධිකරණ නියෝගයක් ක්‍රියාත්ම කිරීම නොතකා හැරීම හේතුවෙන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීම සදහා අවශ්‍ය ලිපිගොනු, ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින් අභියාචනාධිකරණය වෙත යොමුකර තිබෙන බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකුට අදාලව පැවති නඩුවක් විමර්ශනය කළ ගම්පහ මහේස්ත්‍රාත්වරයා, පොලීසිය අදාල සැකකරුට එරෙහිව නඩු පවරා ඇත්තේ සාධාරණ හේතුවකින් තොරව බව අවබෝධ කරගෙන තිබේ.

ඒ අනුව, පුරවැසියන් හිරිහැරයට ලක්වන ආකාරයට නඩු නොපවරන ලෙස පොලිසියට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිට නියෝග කර තිබේ.

මාස පහකට වඩා වැඩි කාලයක් ගතව ඇතත්, පොලිස්පතිවරයා, අධිකරණ නියෝගය අනුව කටයුතු කර නොමැති බැවින්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

ඒ අනුව, ඊට අදාල ලිපිගොනු අභියාචනාධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top