ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දන්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගයට අදාළව කරුණු දැක්වීම සඳහා අද (23) දිනයේදී එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අදාළ අධිකරණය නියෝගයත් රැගෙන කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්රියේ එම සත්යග්රහ භූමියට පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වන ලෙස දැනුම් දුන් නමුත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවී අඛණ්ඩව සත්යග්රහයේ නිරත වෙමින් සිටියි.
එම අවස්ථාවේ යම් උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබුණි.
මේ තත්වය තුළ එම අධිකරණය නියෝගයට අදාළව මෝසමක් මාර්ගයෙන් අද දිනයේදී කරුණු දැක්වීමට කටයුතු කරන බවත් එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස වෙනුවෙන් නීතීඥවරුන් 100කට අධික පිරිසක් අද දිනයේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් වාර්තා වෙයි.





