/ Oct 23, 2026

මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් එළඹෙන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් විසින් කරන ලද ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස නැවත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top