හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) අනතුරක් සිදුව තිබේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියට මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේ දී එම අනතුර සිදුව ඇති අතර පාසල් ළමුන් රැගත් බස් රථයක් එලෙස ගැටී ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ග සංඥා ක්රියාත්මක තිබී ඇති අතර බස් රථයේ රියදුරු බසයෙන් පලා ගොස් ඇති බව සඳහන්.
දුම්රියේ ගැටී ඇත්තේ බස් රථයේ පසුපස කොටස වන අතර එම බස් රථය මහරගම සිට පැමිණි බස් රථයක් බවට ද තොරතුරු වාර්තා වෙයි.





