වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.
වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්යතාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයා සිටින ස්ථානය ඇතුළු සියලු තොරතුරු මෙම ක්රමවේදය හරහා ලබාගැනීමට හැකියාව ලැබෙයි.
වීදි සුනඛයින්ගේ නිශ්චිත දත්ත සහ සංඛ්යාලේඛන ලබාගැනීම පවා දුෂ්කර ක්රියාවක් බවට පත්ව තිබෙන අතර මේ වන විට වීදි සුනඛයින්ගේ ගහනයද වැඩි වී ඇති බව සඳහන්.
මෙවැනි පසුබිමක වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.
මෙමගින් සත්වයා සිටින ස්ථාන හඳුනාගැනීම පවා පහසුවෙන් සිදුකළ හැකියි.
මේ අතර ජලභීතිකා රෝගය ඇති වීමටද මෙම වීදි සුනඛ ප්රශ්නය බලපෑම් කර ඇත.





