කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිටෝග කර තිබේ.
මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පැසි එළඹෙන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගතකිරීමට නියෝග ලැබුණි. .
ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි.
මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව වාර්තා වේ.





