/ Nov 06, 2026

කොළඹ කෑම ගැන කියන්න QR කේතයක්!

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට එහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙම බලප්‍රදේශයේ ඇති සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා අතර එම පද්ධතිය ස්කෑන් කර එහි ඇති පෝරමය පුරවා පැමිණිලි කිරීමේ හැකියාව පවතියි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක කර ඇත.

එම පැමිණිලි සෘජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වෙත ලැබෙන අතර පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා නමුත් පැමිණිලිකරුගේ අනන්‍යතාව ආරක්ෂා වන බවටද සහතික කර ඇත.

පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත් බිල ද සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් කොළඹ මහ නගර සභාව් අජන්තව දැනුවත් කරයි.

මෙම වැඩසටහන කොළඹ 01 සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top