ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (6) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් සිටියි.





