/ Nov 06, 2026

OIC වරුණි බෝගහවත්ත ඇතුළු පස් දෙනා නැවත රක්ෂිත බන්ධනාගාරයට!

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් නියෝග කර තිබේ.

අද දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට අනාවරණය වීම මෙම විමර්ශනවලට හේතු වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top