/ Nov 16, 2026

ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු අහන්න ලාෆ් ගෑස් නිලධාරීන් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි!

ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ් ගෑස් (LAUGFS Gas) සමාගමේ නිලධාරීන් අද (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.00ට එම අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගත්තේය. එම මිල සංශෝධනයට අනුව ගෑස් මිල ගණන් මෙසේය.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය: රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 4,965ක්ව පැවැති එහි නව මිල රුපියල් 6,740ක් වේ.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය: රුපියල් 732කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top