/ Nov 16, 2026

සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කෙරේ!

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු කළමණාකරන ආයතන මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති යටතේ සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දීමේ ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ කුටීරය පසුගියදා අනුරාධපුර නගරයේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත විසින් විවෘත කරන ලදී.

ජාතික පසු අස්වනු කළමණාකරන ආයතන මගින් වැඩසටන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.

ආහාරවල තත්ත්ව පරීක්ෂාව ගුණාත්මක ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම ප්‍රමිති සහතික නිකුත් කිරීම පර්යේෂණ සිදු කිරීම ප්‍රධානම කාර්යයන් වේ. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිතව පළතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දීමේ වඩසටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට පසු අස්වනු කළමණාකරන ආයතනය කටයුතු කරයි.

මෙහිදී ප්‍රදේශයේ පළතුරු වෙළද ව්‍යාපාරිකයන් සදහා ප්‍රවාහනය වෙනුවෙන් කූඩා බෙදීමක්ද සිදු කර ඇත.

මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න හා සේන නානායක්කාර මෙන්ම පසු අස්වනු කළමණාකරන ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top