/ Nov 16, 2026

බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්!

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සඳහා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී උන්වහන්සේ වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර, කස්සප හිමියන් එහිදී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් තනිව කරුණු දකවා ඇත.

එහිදී කස්සප හිමි ප්‍රකාශ කර ඇත්තේ, බුද්ධ ශාසනය රැකීම එහි චිරස්තතිය ආරක්ෂා කිරීම රජයේ හා භික්ෂුන් වහන්සේලාගේ වගකීම බවත්, තමා ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ බවයි.

කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ , අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් කස්සප හිමියන්ව හෙට (16) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෙට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.

ත්‍රිකුණාමලය වරාය පොලීසිය මෙහිදී සාක්ෂි මෙහෙයවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top