/ Nov 21, 2026

නින්දවූර් මුහුදේ නාන්න ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදහන්!

නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි වාර්තා වෙයි.

අනතුරට පත් තරුණයින් තිදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇති අතර අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 සහ 23 යන වයස්වල පසුවන නින්දවූර් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, ප්‍රදේශවාසීන් සහ නින්දවූර් පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top