අයවැයට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා දිනයක් ලෙස අද (23) දිනය ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් කටයුතු කර ඇත.
ඒ අනුව සංවර්ධන නිලධාරීන්, කළමණාකරන සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පති ක්ෂේත්‍රවල නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන් ද මෙම විරෝධතාවය සදහා එක් වී සිටින අතර රුපියල් 25,000ක අතුරු දීමනාවක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දිය යුතු බවට වන ඉල්ලීම මුල්කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර රජයට විරෝධය පළ කරමින් අද දිනයේදී කළු ඇඳුමින් සැරසී පාසල්වලට පැමිණෙන බවද විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.
සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වත්මන් රජය කම්කරු පන්තියට නොසලකාහරිමින් කටයුතු කිරීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බවයි.
අද පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ ගැටලුවලට හෝ සෞඛ්‍ය සේවයේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි.





