ඉන්ධන බෙදුම්කරුවන් ලබාගන්නා 3%ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා අවධාරණය කරයි.
මෙතෙක් ඔවුන් ලබා ගත් 3%ක මුදල අනීතික බවයි අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ.
“මේ ගොල්ලන්ට 3%ක වට්ටමක් හිමිවෙලා තිබුණා. නමුත් 2022 මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව තමයි ඒක බලාත්මක වෙන්නේ. ඒකට අනුව දැනට ගෙවන මුදල අනීතිකයි. ඒකේ පැහැදිළිව තියෙනවා ඩීසල් සඳහා මිල රුපියල් 121කට වඩා වැඩි වුණොතින් ඒකට අදාළ 3% ගාන තමයි ගෙවන්නේ. “
“පෙට්‍රල් සඳහා රුපියල් 162ක්. එහෙම ගත්තොතින් පෙට්‍රල් ලීටරයකින් ඒ ගොල්ලන්ට වට්ටම හැටියට හිමිවිය යුත්තේ 3.63%ක්. ඩීසල්වලින් හිමිවිය යුත්තේ 4.86%ක් නමුත් ගිය මාසේ 3%ට ගණනය කළොතින් ඒගොල්ලොන්ට හිමිවෙනවා රුපියල් 8.52ක් පෙට්‍රල් 92ට හිමිවෙනවා 9.14ක් පෙට්‍රල් 95 සහ සූපර් ඩීසල් ගත්තොත් මීට වඩා වැඩි මුදලක් හිමි වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.