/ Mar 13, 2025

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට අධිකරණ නියෝගයක්

අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන කේ.කේ. සුමිත් නැමැත්තාට විදේශගතවීම සඳහා පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අද (04) අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිය සේවාදායකයාට ලබන 07 වෙනිදා සිට සතියක කාලයක් සඳහා විදේශගතවීමට අවශ්‍යව ඇති බවත් එම කාලසීමාව සඳහා දැනට පනවා ඇති නියෝගය ලිහිල් කරන ලෙසත් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධ වු අතර ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

සිය නීත්‍යානුකූල ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්‍ෂ 500කට ආසන්න මුදල් හා දේපළ අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top