/ Mar 12, 2025

ලක්ෂ 25ක අල්ලස් ගත් IPට නඩු

BRIBE OF 25 LAKH- IP

අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබේ.

කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස් ස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර අදාළ පැමිණිලිකරු විසින් එම මුදල පොලිස් පරීක්ෂකවරයා වෙත ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top