/ Mar 12, 2025

විදෙස් සංචාර වියදම් හෙළි කළැයි මෛත්‍රී කණගාටුවෙන්

Maithripala regrets disclosing foreign travel expenses

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වසර 5ක කාලය තුළ තමා විසින් රු මි 384ක් වියදම් වී ඇතැයි පෙනී ගියද ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මිඟින් පෙන්වා දෙන්නේ.

“2015 වර්ෂයේ මා බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ බලවත් රටවල් සමඟ විදේශ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. ඒ සියල්ල යළි යථා තත්ත්වයට පත් කරමින් විදේශ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර විදෙස් සමුළුවලට මා සහභාගී වූ විට විදෙස් රටවල රාජ්‍ය නායකයින් මා අසලටම පැමිණ මා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට තරම් ඒ වන විට ශක්තිමත් විදේශ සබඳතාවයක් ඇති කර ගැනීමට මාගේ ධූර කාලය තුළ හැකිවිය.

එම සංචාර කිසිසේත් මාගේ විනෝදයට ගිය ඒවා නොවේ. මා විසින් සිදුකර ඇති නිල විදේශ සංචාර සඳහා වැය වූ යැයි ප්‍රකාශ කර ඇති රුපියල් මිලියන 384ක මුදලට වඩා එම නිල සංචාරවලදී රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සිය ගණනකට වඩා විශාලය. එම නිල සංචාර සඳහා මා සෑම විටම සාමාන්‍ය මගී ගුවන් යානා පමණක් භාව්තා කළ බව ද සිහිපත් කළ යුතුය. 2015 ට පෙර අපේ රටට අහිමි වී තිබූ GSP+ බදු සහනය යුරෝපයෙන් ලබාගත්තේ මගේ රජය විසිනි.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top