/ Mar 12, 2025

ජනාධිපතිවරණ සමයේ සිදු වූ කෝටි 25 මැණික් වංචාව කෝප් කමිටුවේදී හෙළි වෙයි

Rs 25 crore gem scam unearthed in COP committee

රුපියල් මිලියන 250ක වටිනාකමකින් යුත් මැණික් ගල් එකතුවක් 2024 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මුදා හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විභාගයේදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය වන කාලවකවානුවේ රමේෂ් පතිරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ බව අනාවරණය වී ඇත.

එවකට NGJA සභාපති විරාජ් ද සිල්වා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පත් කර තිබේද යන්න පිළිබඳව ද COPE සාමාජිකයින් විමසා සිටියේය.

2024 දී අනවසරයෙන් මැණික් ගල් නිකුත් කිරීමක් පිළිබඳ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබූ අතර අදාළ පාර්සලයේ වටිනාකම කැරට් 21,096 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 78,017) බව කෝප් කමිටවු විසින් තහවුරු කළේය.

2024 සැප්තැම්බර් මාසයේදී ස්වර්ණාභරණ නිකුත් කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කිසිදු අනුමැතියක් ඉල්ලා නොමැති බවද එම නිලධාරීන් පිළිගනු ලැබීය.

නීතිමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව එම මැණික් ගල් සොයා ගන්නා විට ඉන් කොටසක් අතුරුදන් වී ඇති අතර මැණික් ගල් සොයා ගැනීමෙන් පසු, රුපියල් 10,000 ක දඩයක් ගෙවීමෙන් පසු එම පුද්ගලයාටම ඒවා මුදා හරින ලද බව කෝප් කමිටුවට දන්වන ලදී.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන සහ විකුණුම් අධ්‍යක්ෂවරයා පැවසුවේ විභාගයට සහභාගී වූ තවත් නිලධාරියෙකුගේ උපදෙස් මත මණ්ඩලය මෙම මුදා හැරීම අනුමත කළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top