විදුලි ගාස්තු වැඩි නොකර සිටීමට රජය හැකිතාක් උත්සාහ කරමින් සිටින බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුනිර් මුලෆ්ෆර් පවසයි.
විදුලි ගාස්තු වැඩි කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නිර්දේශය ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ ය.
බංකොලොත් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් තිබෙන මොහොතක සියලු ක්ෂේත්‍රවල ප්‍රශ්න ඇති බවත් ඒවා විසඳාගෙන ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.