අධිකරණ නියෝගය මගහැර සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනටත් භුක්ති විඳින, නිල නිවස, නිල මෝටර් රථය, වැටුප සහ අට දෙනෙක්ගෙන් යුක්ත ආරක්ෂක බල ඇණිය ආදී සියලු වරප්‍රසාද ඔහුගෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකදී පොලිස් නිලධාරියෙක් මිය යෑමේ සිදුවීමක් සම්බන්ධව පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කර ඇතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ.
මේ වන විට එම නියෝගය ලබා දී සතියක කාලයක් ඉක්ම ගොස් ඇත.