ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය සම්බන්ධයෙන් තමන් ජනාධිපති අනුර දිසානායක වෙත සුබ පැතුම් එක් කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.
ජනපතිවරයා සමඟ වීඩියෝ තාක්ෂණය මගින් පැවැති හමුව ගැන X සටහනක් තබමින් ඈ මේ බව කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම මත ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ගෙන යෑම සම්බන්ධයෙන්ද සිය සාකච්ඡාව දිගු වූ බවද එම සටහනින් දැක්වේ.