/ Mar 12, 2025

ටෙන්ඩර් දෙකෙන් ලක්ෂ 11000ක් ඉතිරි කළා: නි. සෞඛ්‍ය ඇමැති

110 million saved from two tenders

පසුගිය සමයේ ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබීන් ප්‍රතිදේහජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බවට වන වාර්තාව මේ වන විට ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය.

නව රජය මේ වන විටත් සමහර ඖෂධ සමාගම්වල ඒ්කාධිකාරය බිඳ දමා ඇති බවත් පෙරදී ඉමියුනොග්ලොබීන් රුපියල් 120000ට මිලට ගත්තද දැන් එය රුපියල් 30000ට ගන්නා බවද කියා සිටියේ ය.

එක් ටෙන්ඩරයකින් රුපියල් කෝටි 20ක්ද තවත් එකකින් රුපියල් කෝටි 90ක්ද ඉතිරි කළ බව ඔහු පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top