මාතර දීයගහ ප්‍රදේශයේද කඩ කාමරයක් තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා ලැබූ දෙදෙනෙකු පසුගිය 31 වැනි දා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඉන් එක් අයෙක් 34 වියැති වෛද්‍යවරයෙකි.
අනෙක් පුද්ගලයා ඔහුගේ පාසල් වියේ මිතුරෙකු බව පැවසේ. කෙසේ වෙතත් වෛද්‍යවරයා ළඟ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ඔහුට ඇප නියම කළ හැකි බැවින් ඔහු ඇප පිට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ ද මිතුරා සතුව අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් තිබීම හේතුවෙන් ඔහු අප්‍රේල් 10 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණ.
අත්අඩංගුවට ගන්නා ලද වෛද්‍යවරයා වලස්මුල්ල රෝහලේ සේවය කරන 34 වියැති අයෙකි. කොළඹ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හදාරා ඇති ඔහුගේ මිතුරා බව කියන අයද එලෙස ම කොළඹ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලැබූවකු බව හෙළිව තිබේ. මාතර දීයගහ පෙදෙසින් රුපියල් 5000ක මාසික කුලියකට මොවුන් කඩකාමරයක් ලබාගෙන තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සිට ඇත්තේ එම ස්ථානයේ ය.
මෙම දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධදැයි සෙවීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන අතර මත්ද්‍රව්‍යයෙන් ජනතාව මුදා ගැනීමට කටයුතු කළ යුතු වෛද්‍යරයෙකුද මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වීම සමාජ කතාබහක් නිර්මාණය කිරීමට හේතු වී ඇත.