/ Jun 08, 2025

සෙව්වන්දි කියා රැවටී වෙන කතක් අල්ලලා: ඈ සතුව තිබු දේට කට්ටිය හොල්මන්!

The police made a mistake.

මෙතෙක් සොයා ගැනීමට නොහැකිව සිටින ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අනුරාධපුර හෝටලයක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් වැටලීමක් සිදු කර ඇත.

උක්ත කාන්තාව ඉෂාරා සෙව්වන්දි යන සැකකාරියට බොහෝ සමාන බව හෙළිව තිබේ. කෙසේ වෙතත් ඇය සහ ඈ සමඟ සිටි පිරිමි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී අයිස්, කුෂ්, කේරල ගංජා තොගයක් සොයා ගෙන ඇත.

පිරිමි පුද්ගලයා විශ්‍රාමික මේජර්වරයෙක් වන අතර මේ දෙදෙනා කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top